රිතූ ආකර්ෂා මියුසික් විඩියෝවලින් ඉවත් වෙයි (PHOTOS)

0
75

ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා ගැන අලුත් ම තොරතුරු දෙකක් ම අපිට දැන ගන්න ලැබුණා. එයින් එකක් තමයි වෙසක් මාසය පුරා ම එයා මස් මාළු කන්නේ නෑ කියන එක. එතකොට අනික් කාරණය තමයි රිතූ මියුසික් වීඩියෝවලට දායකවීම අත් හැරලා කියන එක. ඒ කාරණා දෙකම ගැන රිතූ කියලා තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්.
වෙසක් එකට ලොකුවට ලෑස්ති වෙනවා කියලා ආරංචියි….
හ්ම්. ලොකුවට ලෑස්ති වෙනවා. ඒත් මේ පාර නම් වෙසක් කූඩු හදන්න වුණේ නැහැ. නමුත් අපි ගෙදර වටේටම පහන් පත්තු කරනවා. විශේෂම දේ තමා මම ආගමට ගොඩක් ලැදියි. ඒ නිසාම වෙසක් මාසය පුරාම මම නිර්මාංශිකයි.
මේ දිනවල අලුත්ම කලා වැඩකටයුතු මොනවද?
ලබන සතියේ වගේ මගේ අලුත්ම ටෙලි නාට්‍යය විකාශය වෙන්න තියෙනවා. ඒ නාට්‍යයත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.
දැනට ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනව ද?
ටෙලි නාට්‍ය 10 ක් වගේ.
ඒ අතරින් වඩාත් කැමැතිම රංගනය කුමක්ද ?
‘කාසි වත්ත’ ටෙලි නාට්‍යයේ රංගනයට මම ගොඩක් කැමැතියි සහ ඒ චරිතය හරහා මම ජනප්‍රිය නිළිය සඳහා නිර්දේශ වුණා. නමුත් මාව ප්‍රේක්ෂකයන් වැඩිපුර වැළඳ ගත්තේ ‘වරුණි’ කියන චරිතයට. ඒ ‘උතුම් පැතුම්’ ටෙලි නාට්‍යයේ. අදටත් ගොඩක් අය මට කතා කරන්නේ ‘වරුණි’ කියලා.
රිතූ මියුසික් විඩියෝවලින් ඈත් වෙලා කියන කතාව ඇත්ත ද?
මියුසික් විඩියෝවල ඉන්න එක මම නතර කළා. හොඳ නිර්මාණයකට සහභාගී වෙනවා විතරයි.
ඒකට හේතුව?
මම මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරන නිසා, මම හිතුවා මියුසික් විඩියෝ කරන එක අඩු කරන්න. මට බයක් තියෙනවා මගේ ලෙවෙල් එක බහීවි කියලා. ඒකට හේතුව කිව්වොත්, එක දිගට මියුසික් විඩියෝ තුළින් දකිනකොට අගයක් නැති වෙනවා. මට ඕන හැම වෙලාවෙම කලා ක්ෂේත්‍රයේ හොඳ රංගන ශිල්පිණිනියක් වෙන්න. ඒ නිසා වැඩ කරද්දී තෝරා බේරාගෙන තමා කරන්නේ.

ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින් :

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here