රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු විශ්‍රාම යයි

0
71

අධ්‍යක්ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කර තිබේ.

‍අනතුරුව සම්ප්‍රදායානුකූල රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා කැටුවයාමෙන් පසු, සහෘද නිලධාරින් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීයා හට සමුදෙන අතර මාර්ගය දෙපස රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින්ද එම නිලධාරියා හට සිය උත්තමාචාර පුද කර තිබේ.

1982 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා විවිධ නිලතල දරමින් සිය අභිමානවත් සේවා කාලය තුළ නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් ඉටු කරන කර ඇත.

එම ඡායාරූප පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here