රුවන් වගේ දරුවෙක් ලබන්න හීන මවන ෂෙරිල්

0
61


සාර්ථක විවාහ ජිවිතයක් ගත කරන ‘රුවන් – ෂෙරිල්’ තරු යුවළ සම්බන්ධයෙන් අලුත් තොරතුරු දැනගන්න බොහෝ දෙනෙක් උනන්දුවෙන් සිටින්නේ ඔවුන් දෙදෙනාගේ ජනප්‍රියතාවය නිසාමයි.
දෛනික වැඩකටයුතු එක්ක කාර්යබහුල වෙලා ෂෙරිල් ඩෙකර් සම්බන්ධ කර ගත්තේ ඔවුන්ගේ අලුත් තොරතුරු ටිකක් හොයල බලන්න.
එම සාකාච්ඡාව පහතින් :
ෂෙරිල් විවාහයත් එක්ක පුංචි තිරය අමතක කරලා වගේ.., රුවන්ගේ තහනම ඒකට හේතුවක් වෙලා ද?
”මම හැමදාමත් තෝරා ගත් නිර්මාණවලට විතරයි සම්බන්ධ වුණේ. විවාහ වුණා කියලා ඒක වෙනස් වුණේ නැහැ. මම කොහොමත් කැමති නැහැ නිතරම පෙනී ඉන්න. එතකොට අපේ වටිනාකම අඩු වෙනවා. හැමදාමත් අපේ වටිනාකම තියා ගන්න ඕන කලාකරුවෝ විදිහට. ඒ නිසා මම තෝරාගෙන රඟපාන්නේ. මට රඟපාන්න එපා කියලා රුවන් කවදාවත් කියලා නැහැ.”
රුවන් සැමියා නිසා ද ඔහුගේ ගීතවලට සැකසෙන රූපරචනාවලට වැඩිපුර ඉන්නේ?
“එයා කැමතියි මම ඉන්නවා නම්. ඒත් මමම නිතරම ඉන්න එක හරි නැහැනේ. මම එයාගේ සින්දු 05කට විතර හිටියා. ඒ හැම වීඩියෝ එකක්ම ගොඩක් ජනප්‍රිය වුණා. මම නැති ඒවාට ටිකක් ප්‍රතිචාර අඩු වෙනවා කියලා එයත් කියනවා. නමුත් මම නම් එහෙම දකින්නේ නැහැ. එයාගේ හැම ගීතයක්ම ජනප්‍රියයි. කොහොම නමුත් එයාගේ අලුත් ගීතයේ වීඩියෝ එකට මට එන්න කිව්වා. මමත් කැමති වුණා. ළඟදීම ඒ ගීතය එළිදක්වයි.”
පසුගිය දවසක ඔබේ උපන් දින සාදය තිබුණා. ඔබගේ විලාසිතාවටත් චෝදනා එල්ල කරලා තිබුණා නේද?
“ඔව්. මම ඇඳ ගෙන හිටපු ඇඳුම ගැන එක එක කතා ගිහින් තිබුණා. මිනිස්සුන්ගේ ඇදුම්වලින් කොහොමද හොඳ නරක මනින්නේ. ඇඳුම ටිකක් කොට වුණා කියලා පපු ප්‍රදේශය ටිකක් ඕපන් වුණා කියලා කැත විදිහට කතා කරන එක හොඳ නැහැ. මම මගේ වියදමින් විලාසිතා කරන්නේ. මට ගැලපෙන විදිහට.”
බලු පැටව් නළවන්නේ අම්මා කෙනෙක් වෙන්න අකමැත්තෙන් ද…?
“මේ දවස්වල මම බලු පැටව් බලනවා. මාවයි රුවන්වයි එකතු කළේ දෙවියෝ. අපි දෙන්නම දරුවන්ට ආදරෙයි. දෙවියෝ මට රුවන් වගේ හොඳ කෙනෙක් දුන්නා වගේම අපිට දරුවෙකුත් දෙයි. එතකල් ඉවසීමෙන් ඉන්නවා.”

ඔවුන් දෙදෙනාගේ ඡායාරූප  කිහිපයක් පහතින් :

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here