රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර දුම්රිය ස්ථාන දෙකක් අතර සිටුවූ පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් දසදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
රුසියාවේ ජාතික ත්රස්ත මර්දන කමිටුවේ ප්රධානියා පැවසා ඇත්තේ සෙන්නයා ප්ලෝස්චාඩ් සහ ටෙක්නොලොගිචේස්කි දුම්රිය ස්ථාන අතරදී දුම්රියක පිපිරීම සිදු වී ඇති බවයි.
පිපිරීමෙන් කුඩා දරුවන් ද ඇතුළුව අවමය 50 දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
හඳුනා නොගත් පුපුරන යමක් නිසා එම පිපිරීම සිදුවී ඇති බව රුසියානු ජාතික ත්රස්ත මර්දන කමිටුවේ ප්රධානීන් පැවසා ඇත.