රුසියාවේ Aeroflot ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාවට

0
8

රුසියාවේ Aeroflot ගුවන් සේවය යළිත් ශ්‍රී ලංකාව වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ අනුව ඔක්තෝබර් 28 දා සිට 2019 මාර්තු 30 දක්වා ඔවුන් මෙසේ කොළඹ – මොස්කව් අඛණ්ඩ ගුවන් ගමන් ආරම්භ කරනු ඇත. සතියකට ගුවන් වාර පහක් කොළඹ – මොස්කව් අතර සිදුකිරීමට නියමිතය.

ඒ අනුව SU 0286 ගුවන් යානය සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවලදී රුසියානු වේලාවෙන් රාත්‍රී 10.05ට Sheremetyevo වලින් පිටත්වීමට නියමිතය. එය කොළඹට ශ්‍රි ලංකා වේලාවෙන් පෙරවරු 9.05ට ළඟාවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here