ලංකාවේ නැරඹිය යුතුම ප්‍රදීපාගාර පහ

0
114

ලෝකයේ ප්‍රධානම මුහුදු මාර්ග වලට මායිම්ව පිහිටලා තියෙන ලංකාව   පුරාම ප්‍රදීපාගාර දකින්න ලැබෙනවා. මේ හැම එකක්ම ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරපු බටහිර පාලකයන් තමන්ගේ වෙළඳ නැව් වලට මග පෙන්වන්න ඉදි කරපු ඒවා.  අනිත් හැම දෙයක් වගේම ප්‍රදීපාගාර වලත් ඒ කාලයේ ජීවත් වුණු මිනිස්සුන්ගේ සංස්කෘතික ලක්ෂණ ගැබ් වෙලා තියෙනවා. එක්තරා ආකාරයකට බැලුවොත් මේවාද  කලාකෘති කියලා හඳුන්වන්න පුළුවන් .  රටේ ඉතිහාසයේ වැදගත් සිදුවීම් ගණනාවක් මේ ප්‍රදීපාගාර එක්ක බැඳිලා තියෙනවා.

ඒක නිසා මේ කියන්න යන ප්‍රදීපාගාර බලන්න යන්න අමතක කරන්න එපා.

මහා රාවණා සහ කුඩා රාවණා ප්‍රදීපාගාර

රාවණා සහ මහා රාවණා ප්‍රදීපාගාර ඉදි කරලා තියෙන්නේ මුහුද යට තියෙන ගල් පරයක් මත මෙය යාළ රක්ෂිතයෙන්  මායිමට කිලෝමීටර් 13ක් විතර ඈතින් පිහිටා ඇත. සර් ජේම්ස් ඩග්ලස් විසින් මෙම කුළුන නිර්මාණය කර ඇත. 1873දී සේවය ආරම්භ කළ අතර කුඩා රාවණා ප්‍රදීපාගාරය ඉදි වුණේ ඊට අවුරුදු 5කට විතර පසුවය.ඒ කෙසේ වුවත් මෙම කුළුනු දෙකම  මේවන විටත්  ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වේ.

ගාල්ල ප්‍රදීපාගාරය

ගාලු තුඩුවේ ආලෝකය නමින් අතීතයේදී හැඳින් වූ වෙව ප්‍රදීපාගාරය  ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයකි.ගොඩබිම පිහිටා ඇති මෙය  1848 අවුරුද්දේ ගොඩ නංවා ඇත. මුල්ම කුළුණ 1936 ගින්නකින් විනාශ වුණු නිසා 1940දී ප්‍රතිනිර්මාණය කරපු කුළුණක් තමයි අද අපිට දකින්න ලැබෙන්නේ.ගාලු කොටුව තරමටම ගාලු ප්‍රදීපාගාරයත් සංචාරකයන් අතර ඉතාමත් ජනප්‍රිය ස්ථානයක් බවට පත් වී ඇත. මෙම කුළුනට ගිය පසු මුහුදේ ශබ්දය හැර අන් කිසිවක් නොඇසෙන නිස්කලංක පරිසරයක් අත්විදිය හැකිය.

බේරුවල (බාබේරි දුපතේ) ප්‍රදීපාගාරය

බාබේරි දූපතේ බේරුවල ප්‍රදීපාගාරය පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා ඇති මෙය වසර සිය ගාණක් මුහුදු ඛාදනයට ලක් වුණු දූපතේ වෙරල තීරයට ඉතාම ආසන්නයෙන් තියෙන ගල් පරයක් උඩ ගොඩ නගා ඇත.බ්‍රිතාන්‍ය රජය ඉදි කරපු මේ ප්‍රදීපාගාරය අඩි 110ක් උසයි .

දෙවුන්දර ප්‍රදීපාගාරය

මෙය අප රටේ උසම ප්‍රදීපාගාරය වේ එමෙන්ම මෙය රටේ පහළ ප්‍රදේශයක පිහිටා ඇත.අඩි 161ක් උස දෙවුන්දර ප්‍රදීපාගාරය මේ ප්‍රදේශයේ වැදගත්ම සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ස්ථානයකි.ලංකාවේ දකුණුදිග වෙරළෙන් නාවික සැතපුම් 28ක් දක්වා දුරක තියෙන ඕනෑම නැවකට, බෝට්ටුවකට තත්පර 5කට වරක් නිවි නිවී දැල්වෙන සුදු ආලෝකයක් දැක ගැනීමට මෙමඟින් හැකියාව ලැබී ඇත.කීර්තිමත් බ්‍රිතාන්‍ය සිවිල් ඉංජිනේරු සර් ජේම්ස් නිකොලස් ඩග්ලස් විසින් යෙ නිර්මාණය කර ඇත.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here