ලංගම බස් 500ක් කොට උඩ

0
81

ලංගම සතුව පවතින බස් රත 5500න් මේ වන විට බස් රථ 500ක් පමණ ධාවනය කිරීමට නොහැකි තත්වයක පවතින බව සමස්ථ ලංකා ප්‍රවාහන සේවක සංගමය පවසයි.

මේ හේතුව නිසා රාජ්‍ය ප්‍රවහනය සේවය වන ලංගමය  දැඩි අර්බුදයකට පත්ව ඇති  අතර  ලංගමයට අවශ්‍ය බස් රථ ලබා දෙන මෙන් ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිඛිතව ඉල්ලීමක් සිදු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කර තිබේ.

ජනතාවට වඩාත් ගුණාත්මක ලෙසින් ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට නම්  තවත් බස් රථ 10,000ක්වත් අවශ්‍ය වනබව ප්‍රවාහන අමාත්‍යවරයා පවසා ඇතැයි ඔහු පවසා සිටි අතර ප්‍රවාහන අමාත්‍යවරයාගේ මෙම යෝජනාවට සහය දැක්වීම මඟින් ලංකාවේ රාජ්‍ය මගී ප්‍රවාහනය වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක වන බවද  ඔහු සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here