ලංවිමටත් එපාවෙලා – දිනදෙකක වැඩ වර්ජනයක්

0
44

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති 32ක් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා අද (05) සහ හෙට (06) යන දෙදින තුළ  දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු යොදා ඇත.

මේ සම්බන්ධව අදාළ බලධාරීන් සමඟ සිදුකළ සාකච්වඡාවලින් ඵලක් නොවූ හෙයින්  මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව  වෘත්තීය සමිති නිලධාරීන් පවසයි.

අද  මධ්‍යම රාත්‍රියේ සිට සියලු සේවාවලින් ඉවත්ව හෙට (06) මධ්‍යම රාත්‍රිය දක්වා වැඩ වර්ජනයේ නියැළෙන බව සහ හදිසි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමද එදිනදී සිදු නොවන බව මොවුන් පවසයි.

දිවයින පුරා සියලු බලාගාර, කාර්යාල සහ වැඩබිම්වල විදුලි සේවකයෝ එම වර්ජනයට සහාය ලබාදෙන අතර ඉන්ජිනේරු වෘත්තීය සමිතිය හැර ලංවිම ජාතික සේවක සංගමය, ලංවිම නිදහස් සේවක සංගමය, ලංවිම විදුලි සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 32ක් දේශපාලන භේදයකින් තොරව වැඩ වර්ජනයට එකතු වන බවද ඔවුහු පැවැසූහ.

එමෙන්ම විදුලි  අයපත් භාරගැනීමේ කවුළු සියල්ලද වසා දැමෙන බව එම වෘත්තීය සමිති නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here