ලසන්ත පැහැර ගැනීමට යොදා ගත් වෑන් රියක් කොටුවෙයි

0
64

මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග මහතා ඝාතනය කිරිමට හා මාධ්‍යවේදී කීත් නෙයාර් මහතා පැහැරගෙන යෑමට යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම වෑන් රිය පිළියන්දල ප්‍රදේශයේ  කාන්තාවකගේ සන්තකයේ තිබී  සොයාගත් බව පොලීසිය අද (29) නිකුත් කළ නිවේදනයේ  සඳහන් වේ.
මාධ්යවේදී කීත් නෙයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති යුද හමුදාවේ මේජර්වරයෙකුගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබියදී මෙම වෑන් රිය සොයාගෙන ඇති අතර එය අපරාධ රැසකට යොදාගෙන ඇති බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here