ලසිත් මාලිංගගේ සුපිරි ඕවරයෙන් තරගය සම වෙච්ච හැටි

0
52

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර පැවැති තරගයෙන් හයේ හා හතරේ පහර වැඩිම ප්‍රමාණයක් ඒල්ල කළ කණ්ඩායම වූ කොළඹ කණ්ඩායමට තරගයේ ජය හිමිවිය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 188ක් රැස්කළ අතර පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායමට රැස්කළ හැකිවූයේද ලකුණු 188ක් පමණි. ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් යොමුකළේය.

ඒ අනුව කොළඹ කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් යැවූ සුපිරි ඕවරයේදී මහනුවර කණ්ඩායමට පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දුවාරය යොමුකළ මාලිංග ප්‍රතිවාදීන්ට ලබාදුන්නේද ලකුණු පහක් පමණි. ඔහු උපුල් තරංග දවා ගැනීමට සමත්වූ අතර වයිඩ් පන්දුවක්ද යොමුකළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයන් හතරේ හා හයේ පහර සංඛ්‍යාවෙන් තෝරා ගත් අතර කොළඹ කණ්ඩායම හතරේ හා හයේ පහර 26ක් වාර්තා කර තිබූ අතර මහනුවර කණ්ඩායම වාර්තා කර තිබුණේ හතරේ හා හයේ පහර 25ක් පමණි. ඒ අනුව තරගයේ ජය කොළඹ කණ්ඩායමට හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here