ලැමිනේටින් යුගය ඉවරයි. අපිටත් ළඟදීම Smart හැඳුනුම් පත්

0
56

ලබන මැයි මාසයේ සිට ස්මාර්ට් හැඳුනුම් පත් නිකුත් කිරීමට  පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබේ.

වයස අවුරුදු 15 සම්පූර්ණ කළ තරුණ තරුණියන් සඳහා මෙන්ම සංශෝධන හා අස්ථාන ගතවීම් සඳහාද මෙම නව ස්මාර්ට් හැඳුනුම් පත  නිකුත් කරනු ලබයි.

1972 වර්ෂයේ සිට මේ දක්වා නිකුත් කෙරෙන පැරණි ලැමිනේටින් හැඳුනුම් පත මෙම ස්මාර්ට් හැඳුනුම් පත සමඟ අහෝසි වන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි

45 වසරක් තිස්සේ  පවත්වාගෙන ආ මෙම අනාරක්ෂිත හැඳුනුම් පත් ක්‍රමය හේතුවෙන් විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට  ඉඩ සැලසී ඇති අතර  එම ක්‍රමය  වත්මනට කිසිසේත් නොගැලපෙන බවද  මෙම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here