ලොව දරුණුතම සටන්කලා 10 මෙන්න

0
167

සටන්කාමිත්වය යනු මිනිසා සතුව පවතින ස්වභාවික ලක්ෂණයකි. කාලයක් ගතවීමත් සමගම මෙම හැකියාවන් විධිමත් ආකාරයෙන් පුහුණු වීමට මිනිසාට හැකියාව ලැබිණි. ලොව විවිධ රටවල්වල නිර්මාණය වුණු බොහෝ සටන් ශිල්ප ක්‍රමයන් එකිනෙකට වෙනස් ය. එහෙත් ඇතැම් සටන්කලා විශාරදයින් ප්‍රකාශ කරන ආකාරයට සෑම සටන් කලාවකම හරය නම් එකම දෙයකි. කෙසේ වුවද  මෙම සටන්ක්‍රම අතර ඉතාමත් දරුණු සටන් ක්‍රම ලෝකය පුරා නිර්මාණය විය.  එලෙස බිහි වූ සටන්කලා අතරින් ලොව දරුණුතම සටන් කලා දහය (10) පහත දැක්වේ.

මුඑතායි (Muay Thai)

 

 

 

 

තායිලන්තය නිජබිම කරගත් මෙම සටන්කලාව ලොව පවතින ඉතාමත් දරුණුතම සටන් හක්‍රමයක් ලෙස සැලකිය හැකිය. දණහිස් දෙවැලමිට ආදී ය වැඩි වශයෙන් උපයෝගීකරගනිමින් සටන් කිරීම මෙම සටන්කලාවේ විශේෂ ලක්ෂණයකි. “ටෝනි ජා” වැනි සටන් ශිල්පීන් මෙම සටන් ශිල්පයේන් බිහිවූ සටන් නළුවන්ය.

කුන්ග්ෆු (Kung Fu)

 

 චීනය නිජබිම කරගත් මෙම සටන් ශිල්ප නිර්මාණය කොට ඇත්තේ බෝධිධර්ම තුනම් නමින් හැඳින්වෙන හිමි නම විසිනි. විවිධ සතුන්ගේ ඉරියව් පදනම් කරගනිමින් නිර්මාණය වි ඇත. එම සතුන් අතරට වඳුරා, වන්දා, ව්‍යාග්රයා ආදී සතුන් ඇතුලත් වේ. මෙම සටන්ක්‍රමය චීනයේ ශාඔලින් විහාරය මූලික කොටගෙන ක්‍රියාත්මක වේ.

බ්‍රසිලියන් ජ්යු ජුත්සු (Brazilian Jiu Jitsu)

 බීජේජේ  නමින් හැඳින්වෙන මෙම සටන්ක්‍රමය බ්‍රසීලය පදනම් කොටගෙන නිර්මාණය වි ඇත. Royce Gracie නම් ප්‍රසිද්ධ සටන් ශිල්පියා නියෝජනය කරන සටන් කලාවද මෙම සටන් කලාවයි. එකිනෙකා සමග පොරබදමින් සිදුකෙරෙන මෙම සටන් ශිල්පය ඉතාමත් දරුණු සටන් ශිල්පයක් ලෙස සැලකේ. මෙහිදී ප්‍රතිවාදියාව දරුණු ලෙස වෙලා ගැනීමක් සිදුවන අතර එය ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් බව සටන් ශිල්පීහු ප්‍රකාශ කරති.

 ස්ක්‍රිමා (Eskrima)

 

 පිලිපීනයේ ජාතික ක්‍රීඩාව වන මෙම සටන් ශිල්පය ආයුධ මුල්කරගත් සටන් ශිල්පයකි. තරමක් දිගු දඬු කැබැල්ලක්, කැපුම් තලයක් සහිත ආයුධයක් ආදී විවිධ අවි මේ සඳහා යොදා ගැනේ. වර්තමානය වන විට  මෙම සටන් කලාව ලොවපුරා ව්‍යාප්තවෙමින් පවතී.

බැකොම් (Bacom)

පේරු රාජ්‍ය පදනම් කරගනිමින් බිහිවූ සටන් ක්‍රමයක් වන ලොව පවතින ඉතාමත් දරුණු සටන් ශිල්පයකි. නිල භාවිතයට ගනිමින් මාංශ පේශීන් වලට දැඩි වේදනයක් ලබා දෙම්න් මෙම සටන් ක්‍රමය දියත් කෙරේ. විශේෂයෙන්ම සඟවාගත් සියුම් අවි භාවිතයක් මෙම සටන් ක්‍රමය තුල පවතී. එය මෙම සටන් ක්‍රමය දරුණු වීමට ඉතාමත් ප්‍රබල සාධකයකි.

වෙල්ටුදෝ Vale Tudo

 

 මෙම සටන්කලාව බ්‍රසීලය පදනම් කොටගෙන බිහි වූ තවත් සටන් ශිල්පයකි. බ්ජෙජේ සටන් ක්‍රමය ඉක්මවා ගිය දරුණු සරණ ක්‍රම වලින් මෙම සටන් කලාව පෝෂණය වි ඇත. ප්‍රතිවාදියා හට පහර දී දැඩි ලෙස ග්‍රහණයට ගෙන අඩපන කිරීම මෙම සටන් ශිල්පය තුල සිදුවේ.

නින්ජුත්සු Ninjutsu

 ලොව පවතින ඉතාමත් දරුණු සටන් ශිල්පයක් ලෙස නින්ජුත්සු හැඳින්විය හැකිය. ජපානයේ බිහිවන මෙම සටන් ශිල්පය එරට සමුරායි එඅරුන් සමග සටන් කිරීමට නිර්මාණය විය. ඉතාමත් කුරිරු ලෙස සිය ප්‍රතිවදියව මරණයට පත් කිරීමට අවශ්‍ය කඩු, කිනිසි, නන්චක්කු , ආදී තවත් බොහෝ ආයුධ මොවුන් සතුය. විදුලි වේගයෙන් පහරක් එල්ලකොට ප්‍රතිවදියව මරණට පත්කිරීමට මොවුනට හැකියාව පවතී.

රග් ඇන්ඩ් ටම්බල් Rough and Tumble

 17 වන සියවසේ ඇමරිකාව තුල ක්‍රියාත්මක වූ මෙම සටන් ශිල්පය ඇමරිකානු විප්ලවය සඳහා විශාල ලෙස උපයෝගී විය. රුදිරය වැගිරෙන තෙක් මෙන්ම ප්‍රතිවාදියව මියැදෙන තෙක් මෙම සටන් ක්‍රියාත්මකවේ මෙම සටන් ශිල්පය එවකට පවතී සටන් ක්‍රම කිහිපයක් මුසු කරමින් නිර්මාණය කෙරුණු ධරුණු සටන් ශිල්පයක් බව පිළිගැනේ.

ලයින් Line

 මෙම සටන් ශිල්පය ඇමරිකාවේ නාවුක හමුදාව විසින් පුහුණුලබන සටන්ශිල්පයකි. Line නාමය Linear Infighting Neural Override Engagement යන දුගු නාමය සඳහා යෙදුනු කෙටි නමකි. මෙම සටන් ක්‍රමය ලොව පවතින සටන් ක්‍රම අතර ඉතාමත් දරුණු සටන් ශිල්පයක් ලෙස පිළිගැනේ.

ක්‍රව් මාගා Krav Maga.

 මෙතෙක් ලොව බිහි වූ දරුණුතම සටන් ශිල්පයක් වන ක්‍රව්මාගා නම් ශිල්පය ඊශ්‍රායලය පදනම් කොටගෙන ක්‍රියාත්මක වේ. මේ වනවිට ලොව පුරා ඉතාමත් වේගයෙන් පැතිරයන මෙම සටන් ශිල්පය ලොව් පවතින දරුණුතම සටන් ශිල්පය ලෙස හැඳින්වීමට ඇතැම් සටන්කලා විශාරදයෝ ප්‍රකාශකරති.  

  

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here