ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂාවීමට උපදෙස් (VIDEO)

0
55


‘රැන්සම්වෙයා’ ලෙස හැඳින්වෙන පරිගනක වෛරස් ප්‍රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත්වන ලෙස පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබා දී තිබේ.
විශේෂයෙන් විද්‍යුත් තැපෑල භාවිතය පිළිබඳ වඩාත් සැළකිලිමත්වන ලෙස එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කරයි.
එම පරිගණක වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පරිගණක පද්ධති යාවත්කාලීන කර ගන්නා ලෙස ද පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ඉල්ලීමක් කරයි.
එමෙන්ම ඊමේල් ගිණුම් විවෘත කිරීමට පෙර ද ඒ පිළිබඳ වඩාත් සැළකිලිමත්වන ලෙසට ඔවුන් දැනුම් දෙයි.
මීට අමතරව පරිගණක පද්ධතියේ ඇති දත්තවල පිටපතක් පරිගණකයට සම්බන්ධ නොමැතිව තබා ගැනීම ද සිදු කළ යුතු බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය දැනුම් දෙයි.
ඉකුත් 12 වැනි දා එල්ල වූ මෙම සයිබර් ප‍්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති ලක්ෂ 02කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල විය.
අද (15) දිනයේ ද තවත් සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට පරිගණක විද්‍යාඥයින් අනතුරු අඟවයි.
මෙම වෛරසය හඳුන්වාදෙමින් පළකළ සිංහල වීඩියෝවක් පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here