ලොව විශාලතම ගුවන්යානා ගොඩබැස්සවීමේ හැකියාව අද සිට ශ්‍රී ලංකාවට

0
48

නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් පථය අද (06) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
අද දහවල් 12.00 ට ගුවන් පථය විවෘත කරන බවත් ඒ අනුව ලොව විශාලතම ගුවන් යානාවන, ඒ 380 පවා ගොඩබැස්සවීමේ හැකියාව පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ය.
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවීකරණ කටයුතු හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවේ කටයුතු ද අද සිට යළි ආරම්භ කිරීමට නියමිත බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here