ලෝකයේ මිල අධිකම බල්ලෝ

0
170

අපි බල්ලා බල්ලා කිව්වට බල්ලොත් මාර ගණන්.  බල්ලෝ අතරත් එක එක ජාතියේ බල්ලෝ ඉන්නවා. කොහොම වුනත් බල්ලා කියනේ මිනිසාට ඉතාමත් සමීපතම සත්වයෙක්. කන්න ටිකක් දුන්නොත් අඩුම ගානේ නැට්ටවත් ටිකක් වනලා යනවා කියන්නේ ඒකයි.

සුරතලයට මෙන්ම මිනිසාගේ ආරක්ෂාවටත් මොවුන් ඇති කරනවා. හැබැයි ඉතිං අපි මේ පාරතොටේ දකින බල්ලො වගේ නෙමෙයි මේ බල්ලෝ ඉතාමත් මිල අධිකයි. මේ කියන්නේ අන්න ඒ බල්ලෝ ගැන.

චෝ චෝ (chow chow) ඩොලර් 3000 සිට 9000 (රු 450,000 සිට 1,350,000) 

චීනයේ මොවුන් හඳුන්වන්නේ ‘ෂොන්ග්ෂි ක්වොන්ග්‘ නමිනි. වසන්ත කාලයේදී සහ ශීත සෘතුවේදී මොවුන්ගේ ලෝම ඉතා සීඝ්‍ර ලෙස වර්ධනය වේ. ගායක එල්විස් ප්‍රෙස්ලි – පොප් ගායිකා ජෙනට් ජැක්සන් ෙවැනි පුද්ගලයන් තමන්ගේ සුරතලා ලෙස චෝ චෝ සුනඛයකු තබා ගෙන ඇත.

කැනේඩියන් එස්කිමෝ  (Canadian Eskimo) ඇමරිකානු ඩොලර්. 6000 (රු 900,000)

මොවුන්  අන් වර්ගයක් සමග මුහු නොවූ ස්වදේශික බල්ලන් වර්ගයක් ලෙසද සැලකේ. උතුරු අමෙරිකානු කලාපය තුළ බිහිවී ඇත. මෙම සුනඛ වර්ගය ගෝනුන් – වලසුන් වැනි විශාල සතුන් දඩයම් කිරීම සදහා යොදා ගන්නා අතර දැඩි සීත පරිසරයකට පවා ඔරොත්තු දීමේ ශක්තිය  මොවුන්ට පවතී.

පාරාවෝ හවුන්ඩ්  (Pharaoh Hound) ඩොලර් 3,000 – 7,000 (රු 450,000 – 1,050,000)

මොවුන් ඊජිප්තුවේ රාජකීය බල්ලන් වශයෙන් ද හදුන්වනු ලබන ඊජිප්තුවේ පාරාවෝ හවුන්ඩ්   පාරෝවරුන්ගේ කාලයේ පටන් පැවත ඒ. මොවුන්ට වේගයෙන් දිවීමට මෙන් ම දිගු දුරක් පැනීමේ හැකියාව ද පවතී. වුරුදු 12-14ක ආයු කාලයකින් යුතුවන  අතර වැඩුණු පසු රාත්තල් 60ක් පමණ බරකින් යුක්ත වේ.

ජර්මන් ෂෙෆර්ඩ් (German Shepherd)  ඇමරිකන් ඩොලර් 6500 ( රු 981500)

මෙම වර්ගයේ සුනඛයන් පුහුණු කිරීමට පහසු අතර මිත්‍රශීලි වේ. ආරක්ෂාව සදහා වඩාත් සුදුසු වන අතර ආරක්ෂක අංශ වැඩි වශයෙන් යොදා ගනී.

 

සැමෝයිඩ්  (Samoyed) ඇමරිකානු ඩොලර් 6500 – 12000( රු 981500- 1812000)

සත්ව පාලනය සදහා යොදා ගන්නා මෙම විශේෂය සයිබීරියානු ප්‍රාදේශීය සම්භවයක් සහිතය. ස්වාමියාට ඉතා කීකරු සත්ව කොටසකි.

ලෝචන් (Lowchen)  ඇමරිකානු ඩොලර් 7000(රු 1057000)

‘ලිටල් ලයන් ඩෝග්‘, ‘ටෝයි ඩෝග්‘ යනුවෙන්ද මොවුන් හැඳින්වේ. මොවුන් ක්‍රීඩාවට යොමු නොකරන සුනඛ වර්ගයකි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here