වතුකරයේ ද්‍රවිඩ මාධ්‍ය පාසල්වල පවතින පුරප්පාඩු සඳහා ඉන්දියාවෙන් ගුරුවරුන් 100 ගෙන්වීමට ඉන්දීය රජයෙන් ඉල්ලා ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් පවසයි.
මේ අනුව ද්‍රවිඩ මාධ්‍යයෙන් ඉගැන්වීම සඳහා සුදුසුකම් ඇති ගුරුවරුන් නොමැති බව පෙන්වා දෙමින් උසස් පෙළ විද්‍යා , ගණිත සහ ඉංග්‍රීසී විෂයයන් ඉගැන්වීම සඳහා මෙම ගුරුවරු 100 වසර තුනක් සඳහා ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
එම ගුරුවරු සඳහා ඉන්දියානු රජයෙන් වැටුප් ගෙවීම් කරනු ලබන අතර ආහාර සහ නවාතැන් පමණක් මෙරටින් ලබා දිය යුතුය.
අගමැතිවරයාගේ උපදෙස් මත පාසල් 25ක උසස් පෙළ විද්‍ය හා ගණිත විෂය ධාරා සඳහා සියලු පහසුකම් සහිතව නිර්මාණය කර ඇති බවත්, මේ වනවිට වතු පාසල් ලෙස පාසල් 844ක් හඳුනාගෙන ඇති බවත් ඉන් වන්, ඒ, බි සහ වන් සී ලෙස පාසල් 171ක් වෙන් කර ඇති බවත් ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
.