වන්දනාකරුවන්ට බාධාවක් වූ උපවාසකරුවන් රිමාන්ඩ්

0
85

සිරිපා වන්දනාකරුවන්ට බාධාවන ආකාරයෙන් උපවාසයක නිරතවූ සිංහල ජාතික සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් ලබන මැයි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හැටන් මහේස්ත්‍රාත් හා දිසාවිනිසුරු අයි.පී.ඩී. ලියනගේ මහතා ඊයේ (26) නියෝග කර තිබේ.

අධිකරණ නියෝගය කඩකරමින් වන්දනාකරුවන්ට බාධාවන අයුරින් මෙම පුද්ගලයන් ක්‍රියා කිරීම හේතුවෙන් මොවුන්ට මෙලෙස බන්ධනාගාර ගත කොට තිබේ.

මෙලෙස බන්ධනාගාර ගත වූයේ  සිංහල ජාතික සංවිධානයේ සභාපති බව පැවසෙන ගම්පහ මුදුන්කොට පදිංචි සාලිය පී. රණවක හා නිට්ටඹුව කලකුගස්වල එම්.ඒ.මහේෂ් කාවින්ද නැමැති පුද්ගලයන් දෙදනාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here