වන අලියාට වෙඩි තැබූ වනජීවී නිලධාරියාගේ වැඩ තහනම්

0
34

වවුනියාවේ වන අලියාට වෙඩි තැබූ වනජීවී නිලධාරියාගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඊයේ (17) වවුනියාවේ, ඕමන්තෙයි ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු බේරා ගැනීමට ගත් උත්සහයකදී අදාළ වනජීවී නිලධාරියා විසින් අලියාට වෙඩි තබා ඇත.

මේ සම්බන්ධව පරීක්ෂණයක් සිදු කිරීමට තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ  අමාත්‍යංශ නිලධාරීන් සිදුකරන පරීක්ෂණයට අමතරව පොලීසීයද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here