වයිකෝ රිමාන්ඩ්

0
36
වයි. ගෝපාලස්වාමි හෙවත් වයිකෝ චෙන්නායි පොලීසිය මඟින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.
තමිලාන්ඩුවේ එල්.ටී.ටී.ඊ. හිතවාදී දේශපාලනඥයෙකු වූ මොහු   2009 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් එනම්  ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයකට සහාය නොදක්වන ලෙස ඉන්දීය රජයට අනතුරු අගවමින්  එල්.ටී.ටී.ඊ. සංවිධානයට ප්‍රසිද්ධියේ සහය පළ කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රධානම හේතුව වේ.
මහේස්ත්‍රාත්වරයා හමුවට පැමිණවීමෙන් පසු දින 15ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව සහ මොහුගේ විදේශ ගමන් බලපත්‍රයද අධිකරණය භාරයට ගෙන ඇති බව  ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here