වසංගත රෝග පැතිරීමේ අවදානමක්

0
79


මේ දිනවල දිවයින පුරා පවතින අධික අවු රශ්මිය හා රස්නය හේතුවෙන් සමේ රෝග මෙන් ම අක්ෂි රෝග ඇතිවීමේ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් සඳහන් කරයි.
හැකි පමණ දැඩි හිරු රශ්මියට ආවරණය නොවී සිටීම අතිශය වැදගත් බව ඇය පවසයි.
විජලනය ඇතිවිය හැකි බැවින් හැකි පමණ ජලය පානය කරන ලෙස ද වෛද්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් අධික රස්නය හේතුවෙන් ශරීරයේ ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බැවින් දැඩි අවු රශ්මිය ඇති මොහොතක ගමනක් ගොස් යළි නිවසට පැමිණි පසු ජලයෙන් මුහුණ සෝදා ගන්නා ලෙසත් අවු රශ්මියේ ගමනක් යනවිට මුළු ඇඟම ආවරණයවන ඇඳුම් ඇඳීම සුදුසු බවත් ඇය වැඩි දුරටත් පෙන්වා දේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here