වැලිකඩ පොලීසියේ ඉල්ලීමත් අධිකරණයෙන් ඉවතට

0
2

Image result for welikada police

හෙට(05) දින වැලිකඩ පොලිස් වසම තුළ මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වැලිකඩ පොලිසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කළේය.

වැලිකඩ පොලිසිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් කියා සිටියේ හෙට දින වැලිකඩ පොලිස් වසම තුළ මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත් වීමට සූදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

මේ හේතුවෙන් මෙයාකාරයෙන් මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් වැලිකඩ පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීමට විරෝධය පල කළ වගඋත්තරකාර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා හෙට දින මහජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීමට පමණක් කටයුතු යොදා ඇති බව කියා සිටියේය.

පොලිස් ආඥා පනත අනුව මෙවැනි ඉල්ලීමක් සිදු කළ හැක්කේ සහකාර පොලිස් අධිකාරී ධුරය  හෝ ඊට ඉහළ නිලයක් දරන අයෙකුට පමණක් බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙම තත්ත්වය මත මෙම පැමිණිල්ල පවත්වාගෙන යාමට හැකියාව නොමැති බවත් අධිකරණය පෙන්වා දුන්නේය.

මේ තුළින් කිසිසේත්ම මහජන සාමය කඩවීමක් සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස රැස්වීමේ නිදහස ආණ්ඩුකම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන බව කියා සිටියේය.

ඒ බව තහවුරු කරන නඩු තීන්දු කිහිපයක් ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.

පොලීසියට නීතිය අභිබවා ගොස් එවැනි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මහජන රැස්වීම් තහනම් කිරීමට බලයක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥ වීරසිංහ මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන මෙන් අයැද සිටියේය.

තීන්දුව දෙමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මහජන සාමය කඩවන සිදු වීමක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිස් ආඥා පනත යටතේ පොලීසියට හැකියාව පවතින බවයි.

ඒ අනුව විශේෂ නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඒ අනුව පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here