වැවකට බස් රථයක් වැටීමෙන් එක් අයෙකු මිය යයි

0
3

Related image

හම්බන්තොට අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් මගියෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් මගීන් හත්දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව හුංගම පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අනතුරට පත් බස් රථය කොළඹ සිට කතරගම දක්වා ගමන්ගත් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් වන අතර, අම්බලන්තොට නෝනාගම වැව අසල වංගුවේදී රියදුරුට රිය පාලනය කර ගත නොහැකි වීම නිසා බස්රථය දුරකථන කණු කිහිපයකම ගැටී නෝනාගම වැවට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

අනතුරට හේතුව බස්රථයේ අධික වේගය බවත්, අනතුරින් පසු බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා පලා ගොස් ඇති අතර, අනතුරින් බස් රථයටද දැඩි හානි සිදුවී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here