විද්‍යා ඝාතන විත්තිකරුවන්ට අධිචෝදනා

0
51


යාපනය – පුංකුඩුතිව් ප්‍රදේශයේ දී විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 10 දෙනාට යාපනය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඉදිරි කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා කයිට්ස් පොලීසියට දැනුම් දී තිබේ.
එමෙන්ම මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හදිසි නඩු විභාගයක් ලෙස කඩිනමින් විභාග කර අවසන් කරන ලෙස ද නීතිපතිවරයා දැනුම් දී ඇත.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඉන් සැකකරුවන් දෙදෙනෙකු ඉකුත් අප්‍රේල් මස 28 වැනිදා රජයේ සාක්ෂිකරුවන් කරමින් ඇප මත නිදහස් කිරීමට අධිකරණය පියවර ගනු ලැබී ය. ඒ, නීතිපතිවරයා කයිට්ස් මහේස්ත්‍රාරාත් අධිකරණයට කළ දැනුම්දීමකට අනුව ය.
2015 වසරේ මැයි 14 වැනිදා විද්‍යා දැරිය සමූහ දුෂණයට ලක් කර ඝාතනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here