විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වීමට හේතු හෙළිවෙයි

0
78


ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ සඳහන් කළේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටියට භාරදී ඇති බවයි.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සභාපති ලෙස ඩබ්. බී. ගනේගල පත්කර තිබේ.
මීට ඉහතදී ද, ඩබ්.බී ගනේගල විදුලි බලමණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කර ඇති අතර කලෙක ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් අනුර විජේපාල ඉල්ලා අස් වී ඇත්තේ වෘත්තීය සමිති සමග පවතින යම් ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
ඒ බව ඔහු විසින් ලබා දුන් ඉල්ලා අස්වීමේ ලිපියේ ද දක්වා ඇති බව එහි සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති අතර පවතින ගැටළු හමුවේ අමාත්‍යංශය නම්‍යශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනවිට ගනු ලැබූ තීන්දු තීරණ ක‍්‍රියාත්මක කිරීමට අපොහොසත්වීම මෙම ඉල්ලා අස්වීමට බලපෑ බව අදාළ ලිපියේ දැක්වෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here