විදේශිකයන්ගෙන් මැලේරියාව බෝවීමේ අවදානමක්

0
43


ලෝක මැලේරියා දිනය අදට යෙදී තිබේ.
ශ්‍රී ලංකාව මැලේරියා රෝගය සම්පූර්ණයෙන් ම තුරන් කර තිබුණ ද විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගෙන් එම රෝගය බෝවීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් මැලේරියා රෝගී තත්ත්වයට ගොදුරු වී ඇත් ද යන්න පරීක්ෂා කරන බව ඔහු සඳහන් කළේ ය.
වසරේ මේ දක්වා කාලය තුළ විදේශීය රටවලින් පැමිණි මැලේරියා රෝගය වැළඳුනු 18 දෙනෙකු සොයා ගෙන ඇති බව ද ඔහු කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here