ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
රජයේ වාහන අව භාවිත කිරීම සම්බන්ධයෙන්වන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විමල් වීරවංශ වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව අද (3) උදෑසන ප්‍රකාශයට පත් කෙරුණි.
විමල් විරවංශගේ දියණියගේ රෝගී තත්ත්වය සුවිශේෂි කරුණක් ලෙස සැලකිල්ලට ගෙන ඇප නියම කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
අදාළ දැරියගේ රෝගී තත්ත්වය හෝ ස්වභාවය පිළිබඳ තමා හමුවට කිසිදු කරුණක් ඉදිරිපත් කර නොමැති බව එහි දී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කර ඇත.
ඇය රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව පමණක් දක්වා රෝහලේ වෛද්‍යවරයා වාර්තාවක් ඉදිරිපත් කර ඇති බව විනිසුරුවරිය ප්‍රකාශ කළා ය.
මේ අතර විමල් වීරවංශ වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරන බව නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබේ.