විමල්ගේ තීරණය අද

1
75

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද (03) ලබාදීමට නියමිතයි.
මේ වනවිට විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර, ඔහු පසුගිය දා බන්ධනාගාරය තුළ ආරම්භ කළ උපවාසයත් සමග ඇප ලබාදෙන ලෙස ඉල්ලා අයදුම්පතක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනුකර තිබේ.
මීට පෙර මොහු තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධිත ඇප අයදුම්පතක් ගොනුකර තිබුණ ද එය ප්‍රතික්ෂේප කර ඇත.
රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඉකුත් ජනවාරි මස 10 වැනි දා අත්අඩංගුවට ගනු ලැබී ය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here