විමල් ජාතික රෝහලට යවන්න ඕනේ නෑ

0
95

තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ 07 වන දිනටත් බන්ධනාගාර රෝහලේ උපවාසයේ නිරත වේ.
මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිටත් සාමාන්‍ය පරිදි පැවතීම හේතුවෙන් ජාතික රෝහල වෙත මාරු කර යැවීමේ අවශ්‍යතාවයක් නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කළහොත් පමණක් ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
කෙසේ නමුත් මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මේ අතර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීම සඳහා අද (28) දිනයේ ද ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු පක්ෂයේ පිරිසක් බන්ධනාගාර රෝහල වෙත පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here