විමලේගේ අභියාචනා පෙත්සම 7 වැනිදාට කල් යයි

0
61

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට ඇප ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම අද දින(04) කැදවීමට තිබුණද එය අප්‍රේල් මස 07 වන දින කැදවීමට අභියාචනාධිකරණය අද  නියෝග කර ඇත.

මෙය විභාගයට ගන්නා විනිසුරුවරුන් දෙදෙනාගෙන් එක් විනිසුරුවරයෙකු නොපැමිණීම හේතුවෙන් මෙලස මෙම පෙත්සම කැඳවීම කල් දමා ඇති අතර මෙම පෙත්සමේ වග උත්තරකරු වන නීතිපතිවරයාට ද 07 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටීමට අද නොතීසි නිකුත් කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හා මහාධිකරණ ඇප ලබා නොදීම නීත්‍යානුකූල නොවන බව දන්වමින් මන්ත්‍රීවරයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

ඊයේ (03) දිනයේ දීද ඇප ඉල්ලීම් දෙකක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කෙරුණු අතර එම ඉල්ම් දෙක ද ඊයේ ප්‍රතික්ෂේප කර තිබේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here