විෂ වායු ප්‍රහාරයකින් 58ක් මරුට – විශාල පිරිසකට ස්වසන අපහසුතා

0
70

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල කෙරුණු විෂ වායු ප්‍රහාරයකින්  58 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක්  මරණයට පත්වූ බව වාර්තා වේ.

කාන් ශේයිකුන් නගරයට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයෙන් මියගොස් ඇති පිරිසෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය වැසියන් වන බව බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂන ආයතනය පවසයි.

මහා මාර්ගයේ සිටියදී විෂ වායු ප්‍රහාරයට ගොදුරු වූ කුඩා දරුවන් ඇතුළු විශාල පිරිසක් හුස්ම ගැනීම අසීරුව පීඩා විඳින බව සිරියානු වාර්තා පවසයි.

මෙම ප්‍රහාර සිදු කළේ කව්රුන්ද යන්න තවමත් වාර්ථා වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here