වෙරළට පිටුපා ඡායාරූප ගනිමින් සිටි තරුණියන් මුහුදට ගසාගෙන යයි

0
37


හලාවත මුහුදු වෙරළේ රළ පාගමින් සිටි කාන්තාවන් 04 දෙනෙකු ප්‍රචණ්ඩ රළ පහරකට හසු ව ගසාගෙන ගොස් තිබේ.
ඔවුන් මුහුදු වෙරළට පිටුපා ඡායාරූප ගනිමින් සිටි බව වාර්තා වේ.
එක් වරම පැමිණි රළ පහරින් ඔවුන් හතර දෙනාම ගසාගෙන ගොස් ඇති අතර ඉන් තිදෙනෙකු පසු ව බේරා ගැනීමට හැකි වී ඇත. එහෙත් 21 හැවිරිදි තරුණියක් තවමත් අතුරුදන් වී සිටී.
ඔවුන් හලාවත – ඉලිප්පදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
අතුරුදන් වූ තරුණිය සොයා පොලීසිය, කල්පිටිය නාවික හමුදා නිලධාරීන් හා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here