වෙසක්‌ දෙදින තුළ සුරාසැල් වැසේ

0
49


වෙසක්‌ උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු සුරාසැල් වෙසක්‌ දින දෙක (10 සහ 11) තුළ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.
රජය විසින් ඉකුත් 07 වැනි දා වනවිටත් සුරාසල් වසා තැබීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්‌ කර නොමැති බැවින් එම දින 02 තුළ පමණක්‌ සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තු උසස්‌ නිලධාරියෙක්‌ සඳහන් කළේ ය.
මෙම දින 02 තුළ බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු ස්‌ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here