වෙසක් සිරි නැරඹිමට ගිය පෙම්වතිගේ රන් ආභරණ සොරාගෙන ගිය පෙම්වතකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ සිරිමා බණ්ඩාරනායක මාවතේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
පෙම්වතිය අකුරැස්ස කියාඩුව ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක් වන අතර දෙදෙනා මිට මාස 06 කට පෙර බස්රථයේදි දැන හඳුනාගෙන පෙම්වතුන් බවට පත්වි ඇත.
පසුගිය 11 වැනිදින කොළඹ වෙසක් සිරි නැරඹු මෙම පෙම්වතුන් යුවල මාතර වෙසක් සිරි නැරඹීම සදහා මාතරට පැමිණ රාත්රි කාලයේ මාතර පොල්හේන හෝටලයක නවතැන්ගෙන ඇති අතර පසුව උදැසන අවදිවු පෙම්වතියට ඇයෙග් කරේ තිබු රුපියල් 42099 ක් වටිනා රන්මාලය සහ පෙන්ඩනය නැති බව දැක පෙම්වතා සොයනවිට පෙම්වතා රන්භාණ්ඩ රුගෙන පලාගොස් ඇති බවට සැක සිතී ඇත.
පසුව මාතර පොලිසියට සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ.
මෙම පැමිණිල්ල අනුව වහාම ක්රියාත්මකවු මාතර අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ක්රිෂාන්ත ලොකුගේ මහතා ඇතුලු නිලධාරින් මාතර බස්නැවතුමේ කොළඹ බස්රථයකට ගොඩවිසිටි පෙම්වතා සොරාගත් රන්භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණයා මාතර මහෙස්ත්රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.