ශ්‍රීලනිප මැයි රැළියට මහින්දටත් ආරාධනා

0
74


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැළියට සහභාගී වන්නැයි හිටපු ජනාධිපතිවරුවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට හා මහින්ද රාජපක්ෂට ආරාධනා කර ඇතැයි එම පක්ෂය සඳහන් කරයි.
මෙවර ශ්‍රීලනිප මැයි රැළිය ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා පාක්ෂිකයින් 120,000 වැඩි පිරිසක් සහභාගීවීමට සූදානම් බව වාර්තා වේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය ගාලුමුවදොර පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here