ශුක්‍රානුවලින් මුදල් උපයන්න මගක් පෑදෙයි

0
70


ලෝකයේ ශුක්‍රානු බැංකු හරහා විදෙස් රටවල ශුක්‍රානු සාම්පලයක් ලංකාවේ මුදලින් රුපියල් 7000 ත් රුපියල් 14000 ත් අතර මුදලට වෙන්දේසිවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමලිංගික විවාහ සිදුවන බොහොමයක් රටවල පුද්ගලයින් දරුවෙක් බිහි කර ගැනීමට යාමේ දී ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටළුවකට විසඳුමක් එම බැංකු හරහා සිදු කර ගන්නා බව වාර්තා වේ.
එම ශුක්‍රානු බැංකුවලට, වයස අවුරුදු 40 සිට පිරිමින්ට ශුක්‍රානු ලබාදීමේ හැකියාව තිබේ. එසේ ම විවාහවීමට අකමැති, ලිංගික ක්‍රියාකාරකම්වලට අකමැති වුව ද තමන්ගේ ම දරුවෙක් හදා ගැනීමට කැමති කාන්තාවන්ටත් එමගින් වාසනාව උදා වේ.
පිරිමි පුද්ගලයන් විසින් ලෝකයේ ශුක්‍රානු බැංකු හෙවත් දරුවන් බිහි කිරීමට ශුක්‍රානු ලබා ගන්නා ස්ථාන සඳහා ශුක්‍රානු ලබා දෙන්නට නම් HIV, සිපිලිස්, ගොනෝරියා වැනි ලිංගික රෝගවලින් තොර යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටිය යුතු ය. එමෙන්ම ශුක්‍රානු සාම්පල මිලිලීටරයක් තුළ ශුක්‍රානු මිලියන 60ක් පමණ තිබීමත් අනිවාර්ය සාධකයක් විය යුතු ය.
ශුක්‍රානුවල සචලතාවය 70%ක් වීමත් සාමාන්‍ය ක්‍රියාකාරිත්වය 60%කට වඩා වැඩි විය යුතු ය. එම පුද්ගලයා රුධිරගත රෝගයකින් පෙලෙන පුද්ගලයෙක් නම් ඔහු ඒ සඳහා සුදුසුකම් නොලබයි. සමබල ආහාර වේලක් හා කායික යෝග්‍යතාව හොඳින් පවත්වාගෙන යාමත් අනිවාර්ය බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here