ශූරයන්ගේ කුසලානයට යන පකිස්තාන සංචිතය නම් කෙරේ

0
59


අයි.සී.සී. ශූරයින්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගිවන පකිස්තාන සංචිතය නම් කර තිබේ.
15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස නම්කර ඇත්තේ කඩුලු රකින කී‍්‍රඩක සෆ්රාස් අහමඩ් ය. උමාර් අක්මාල් සහ අසර් අලී පකිස්තාන සංචිතයට යළි කැඳවා ඇත.
මෙතෙක් එක්දින වරම් දිනාගෙන නොමැති කී‍්‍රඩකයින් දෙදෙනෙකු ද සංචිතයට ඇතුළත් ව සිටීම විශේෂත්වයකි.
පකිස්තානු කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේ දී තරග වදින්නේ ශී‍්‍ර ලංකාව ද අයත් බී කාණ්ඩයෙනි. දෙරට අතර තරගය ජූනි 12 වන දා පැවැත්වීමට නියමිතයි.
පකිස්තානය තරගාවලිය ආරම්භ කරන්නේම ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරගයකදීවීම තවත් විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here