සකර්බර්ග් කලකිරෙයි

0
57

ෆේස්බුක් සමාජ ජාලය තුල පල කෙරෙන වීඩියෝ දර්ශන සහ සමාජ විරෝධී ප්‍රකාශයන් අධීක්ෂණය කිරීම සඳහා තුන්දහසක පිරිසක් බඳවා ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කණ්ඩායම මගින් වෛරී ප්‍රකාශනයන් ,ළමා අපචාරයන් , ස්වයං හානි පමුනුවා ගැනීමේ දර්ශන අධික්ෂණයට ලක්  කරයි.

පසුගිය මාසයේ සිදුවූ ඝාතනයන් සහ සිය දිවි නසාගැනීමේ සිදුවීම් කිහිපයක් තම ජාලයේ සජීවීව විකාශනය වීමෙන් අතුරුව ෆේස්බුක් පාලනාධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ.

ෆේස්බුක් ජාලය මගින් මිනිසුන් තමාට සහ අන් අයට  රිදවන දර්ශන දැකීමට සිදුවීම හද කම්පා කරවන්නක් බව එහි නිර්මාතෘ  මාක් සකර්බර්ග් පවසයි.

ඔහු නව අධීක්ෂණ සැළසුම ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරමින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පලකර  ඇත.

ෆේස්බුක් ජාලයේ පලවන අහිතකර දෑ අධීක්ෂණය කිරීම සඳහා පුද්ගලයින් හාරදහස් පන්සීයකින් සමන් විත කාර්ය මණ්ඩලයක් මේ වන විටත් සේවයේ  නිරතවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here