සන්නස්ගලට අධිකරණ නියෝග

0
62

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ටිරාන් ගුණරත්න අද (31) උපුල් ශාන්ත සන්නස්ගල හා සංහිඳ  ප්‍රකාශන ආයතනයට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් රචනා කරන ලද ග්‍රන්ථ 12 ක් ඒ මහතාගේ බිරිඳගේ අවසරයක්න් තොරව නැවත ප්‍රකාශයට පත් කිරීම හා  විකිණීම වැළැක්වීම සඳහාය.

සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳවන ශාන්තා පද්මපෙරුම විසින් ගොනු කළ මෙම නඩුව සලකා බැලූ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ලබන අප්‍රේල් 07 වනදාට වාණිජ මහ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  අදාළ පාර්ශවයන්ට  අතුරු තහනම් දැන්වීම් නියෝග හා නොතීසී නිකුත් කරන ලෙසද  අධිකරණය නියෝග කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here