සමයංට වෙඩි තැබු තවත් සැකකරුවෙකු අත්තඩංගුවට

0
53

පසුගිය පෙබරවාරි විසිහත් වනදා කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමට සම්බන්ධ බව පැවසෙන  තවත් පුද්ගලයෙකු ඊයේ (04) අත්තඩංගුවට ගත් බව පොලිස් මූලස්ථාය පවසයි.

අත්තඩංගුවට ගත් පුද්ගලයා මාතර කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිහගේ දොන් සමිත් චානක (අවු 24)  නොහොත් ‘අල බෝලේ’ නැමැත්තෙකි.

මෙම සැකකරු අද (05) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර  සිද්ධිය සම්බන්ධ විමර්ශන තව දුරටත් සිදු කෙරෙන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here