සයිටම් කොටස් වෙළෙඳපොළ යටතට

0
84

මාලබේ සයිටම් ආයතනය  කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරමින් එහි ඒක පුද්ගල අයිතිය අහෝසි කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඊයේ (20) මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවේ පැවති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එහි කළමනාකරණයට හා පාලනයට ස්වාධීන කවුන්සිලයක් පත් කර මාලබේ පෞද්ගලික රෝහල රජය යටතට ගැනෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එමෙන්ම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාම රජය ප‍්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බවත් සයිටම් ආයතනයේ ගාස්තු සංශෝධනය කර ශිෂ්‍යත්ව ප‍්‍රමාණය වැඩි කරන බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here