SITAM වහන්න CTB 5වැනිදා වර්ජනයක

0
37

උසස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරමින් සයිටම් ආයතනය උපාධි පිරිනමන වෛද්‍ය ආයතනයක් ලෙස පිළිගැනීමට  විරෝධය පළකරමින් ලබන සිකුරාදා(05) වැඩවර්ජනයක් කරන බවට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය අනතුරු අඟවා ඇතැයි ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමට බලවත් අමාත්‍යවරයකු ගන්නා උත්සහය ප්‍රතික්ෂේප කරන බව එම එකමුතුව පවසන අතර මෙමගින් රාජ්‍ය විශ්ව විද්‍යාල කඩාකප්පල් වනු ඇතැයිද එම එකමුතුව පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්වීමට හේතුවපිළිබඳ අදහස් පල කළ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ මහ ලේකම් සේපාල ලියනගේ පෙන්වා දුන්නේ  බස් රියදුරකු හෝ බස් කොන්දොස්තරවරුන් මෙන් වෛද්‍යවරු බිහි කළ නොහැකි බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here