සයිටම් විරෝධි වැඩවැරුම ඇරඹෙයි

0
63

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රකාශයට පත් කර ඇති දීප ව්‍යාප්ත වැඩවර්ජනය මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ සඳහා වෘත්තීය සමිති රැසක් සහය පළ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිතිවල සහයෝගයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක වේ.
දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් ද එක්දින සංකේත වර්ජනයක් මීට සමගාමීව ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.
මේ හේතුව නිසා අද (05) පෙරවරුවේ සිට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රියන් රැසක් මේ වනවිට අවලංගු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here