”සරත් ෆොන්සේකා යටතේ විශේෂ හමුදාවක් අවශ්‍ය නෑ” – අගමැති

0
105

ෆීල්ඩ් මාෂල්,  සරත් ෆොන්සේකා යටතේ විශේෂ හමුදාවක් පවත්වාගෙන යෑමට රජයට අවශ්‍ය නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේදී  අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ පිළිබඳව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය හමුවේ දි කුමක් ප්‍රකාශ කළේ දැයි තමන් නොදන්නා බවත් ඒ වනවිට තමන් විදේශ ගතව සිටි බවත් අගමැතිවරයා  වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව සරත් ෆොන්සේකාද පසුගිය දිනවලදී සිය අදහස් ප්‍රකාශයට පත් කළ අතර ඔහු එහිදී සඳහන් කළේ තමාට ජනාධිපතිවරයා විශේෂ හමුදාවක් පවත්වා ගෙන යාමට ආරාධනාවක් කළ බවත් ඒ සඳහා තමාගේ කැමැත්ත ප්‍රකාශ කළ බවත්ය.

මේ අනුව සරත් ෆොන්සේකා සිය අමාත්‍ය ධූරයට අමතර වගකීමක් ලෙස එය ඉටු කිරීමට කටයුතු කරන බවද පෙන්වා දී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here