සල්මන් ඛාන් ගැන රහසක් හෙළිවෙයි

0
129

බොලිවුඩ් රංගන ශිල්පී සල්මන් ඛාන් විසින් අඳින ලද සිතුවමක් ඉන්දීය රුපියල් ලක්ෂ 20ක වටිනාකමකට මිල දී ගැනීමට එරට ව්‍යාපාරිකයකු ඉදිරිපත් වී තිබේ.
එම සිතුවමට අතිශය ප්‍රියතාවයක් දැක වූ සල්මන් ඛාන් ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ඉල්ලීමට ක්‍රියා කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුව ද ඔහු ඉල්ලු මුදල ගෙවා අදාළ ව්‍යාපාරිකයා විසින් එම සිතුවම ලබාගෙන තිබේ.
චිත්‍ර ඇඳීම පිළිබඳ සල්මන් ඛාන් තුළ ඇති හැකියාව මෙතෙක් වාර්තා වී නොමැති වුව ද ඔහු එය රහසිගත විනෝදාංශයක් ලෙස සිදු කරගෙන යමින් සිටින්නක් බවට වාර්තා වේ.
සිතුවම අලෙවි කිරීමෙන් ලද මුදල ඔහු විසින් පවත්වාගෙන යන සමාජ සත්කාර අරමුදලට ලබාදීමට අපේක්ෂා කරන බව සල්මන් ඛාන් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here