ස්ථානාධිපතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 06 දෙනෙකුට දස වසරක සිරදඬුවම්

0
58


යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගයකට අනුව යාපනය, චුන්නාක්කම් පොලීසියේ නිලධාරීන් 06 දෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 සිරදඬුවමක් නියම වී තිබේ.
2011 වසරේ නොවැම්බර් මස 21 වැනි දා කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු පොලිස් නිලධාරීන් සිදුකළ පහරදීමකින් මියගොස් ඇත.
ඔහුගේ මළ සිරුර සොයා ගැණුනේ කිලිනොච්චිය ප‍්‍රදේශයේ වැවක තිබිය දී ය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව චුන්නාක්කම් පොලිස් ස්ථානයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය.
නඩු විභාගය අතරතුර දී ඔවුන්ගෙන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේ ය. බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වු පිරිස අතර චුන්නාක්කම් පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here