ස්ථාන කිහිපයකින් හෙරොයින් අල්ලයි

0
56

ගත වූ පැය විසි හතරක කාලය තුළදී  පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකදී ස්ථාන කිහිපයකින් හෙරොයින් මත් කුඩු අත්තඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව කඩවත නගරයේදී හෙරොයින් සමඟ සැකකරුවකු අත්තඩංගුවට ගෙන ඇත.

ඔහු ළඟ තිබී හෙරොයින් 9 g 420 mg ක් සොයා ගෙන තිබේ. ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පොලීසිය පවසයි.

මට්ටක්කුළිය ප්‍රදේශයේදී ද හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට පත් ව ඇති අතර ඔහු ළග තිබූ මත්කුඩු ප්‍රමාණය  2 g  100 mg කි.

එමෙන්ම අනුරාධපුර  ඩී.එස් වටරවුම ආසන්නයේ සිදු කළ වැටලීමකදී  බස් රථයක හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ. මෙහිදී අත්තඩංගුව ගත් හෙරොයින් ප්‍රමාණය 940 mg කි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here