සැමියාගේ මළ සිරුර අසල වැටී සිටී මියගිය බිරිඳට පණ එයි

0
39

හෝකන්දර, මාලඹේ රත්නාරාම ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සහ පිරිමියකු මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මරණ පරීක්ෂණය සඳහා එහි ගිය හදිසි මරණ පරීක්ෂකවරිය අදාළ කාන්තාව හුස්ම ගනු දැක ජීවිතය බේරා ගැනීමට කටයුතු කර තිබේ.

මියගොස් සිටි විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා කලක සිට අංශභාග රෝගී තත්ත්වයෙන් පීඩා විඳ මියගොස් ඇති අතර ඔහුගේ මරණයෙන් කනස්සල්ලට පත්ව මෙම කාන්තාවද රෝගාතුර වී ඇති බව  පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

මෙම නිවස තුළින් කිසිදු ශබ්දයක් හෝ කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමෙන් ඔවුන් දෙදෙනා නිවස තුළ මියගොස් ඇතැයි සැක සිතූ අසල්වාසීන් එ් බව පොලිසියට කළ දැනුම්දීමකට අනුව අනතුරුව තලංගම දකුණ හදිසි මරණ පරීක්ෂකවරිය නුගේගොඩ පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන් හා ග්‍රාම නිලධාරී ද ඇතුළුව  එම නිසසේ දොරගුළු කඩා නිවසට ඇතුළු වී ඇත.

එම අවස්ථාවේ දී 70  හැවිරිදි කාන්තාව හුස්ම ගනු දැක වහාම ගිලන් රථයක ආධාරයෙන් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

එමගින් එම කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බවත් ඇයගේ සැමියාවන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වූ 67 හැවිරිදි සුසාන්දජිත් සිල්වා මියගොස් සිටි බව පොලිසිය පවසයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here