හැටන් සිංගිමලේ දුම්රිය උමගේ ඇති වැහිළිහිණි කූඩු කඩා අලෙවි කිරීමට සුදානම් කළ සැකකරුවෙකු ඊයේ (30) රාත්‍රී හැටන් පොලිසිය කළ විශේෂ සෝදිසියකදී අත්අඩංගුවට ගෙන ඇත .
ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගයවන හැටන් සිංගිමලේ උමං දුම්රිය මාර්ගයේ වැහිලිහිණි කූඩු කඩා ඒවායේ ඇති විශේෂිත මැලියම් වර්ගයක් ලබාගැනීමට ජාවාරම්කරුවන් උත්සාහ දරා ඇත.
කිලෝමීටර 3 ක පමණ දිගින් යුත් මෙම මාර්ගයේ ඇති කූඩු ගණන ලක්ෂය ද ඉක්මවනවා.
වනජීවී ආඥා පනත මගින් වැහිළිහිණියා ආරක්ෂිත පක්ෂියෙකු ලෙස නම්කර ඇති අතර වැහිළිහිණි කූඩු කැඩීම ද නීතිය අනුව තහනම්වේ.
මෙම මැලියම් විශේෂ දේශීය සහ විදේශීය සුඛෝපභෝගී හෝටල්වල සුප් නිෂ්පාදනය කිරීම සඳහා අධික මුදලට අලෙවි කරන බවද හෙළිවී තිබෙනවා.
වනජීවී නිලධාරීන් පවසන්නේ කූඩු කඩා දැමීම හේතුවෙන් වැහිළිහිණි පැටව් සහ බිත්තර විශාල සංඛ්‍යාවක් විනාශ වීම බරපතළ ගැටලුවක් බවයි.
සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති අතර මොහු අද (31) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.