සිංහයන්ට ජනපතිගෙන් සැළකුම් (PHOTOS)

0
59

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින් පිරිසක් අතර සුහද හමුවක් පසුගිය දා ජනාධිපති මන්දිරයේ දී සිදු පවත් විය.
පැමිණ සිටි පිරිස වෙත රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ ජනාධිපතිවරයා 2016 සහ 2017 වසර තුළ පැවති ක්‍රිකට් තරගවල දී ජයග්‍රහණය හිමි කරගත් ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේ ය.
එම අවස්ථාවට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති Shaharyar M. Khan, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති අමාත්‍ය Nazmul Hassan සහ එහි විධායක නිලධාරී Nizam Uddin Chowdhury යන මහත්වරුන් සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here