සිරකරුවෙක් ලිංගිකව හැසිරෙන්න බෝනික්කෙක් ඉල්ලයි

0
267

සිරකරුවන් හට ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීමට බෝනික්කන් ලබා දෙන ලෙස සිරකරුවෙක් විසින් බලධාරීන්ගෙන් කළ ඉල්ලීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එංගලන්තයේ, නොටිංහැම්ෂයර් ප්‍රාන්තයේ සිරකඳවුරක සිටින ජැක් ස්වරේස් නම් රැඳවියා විසින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මෙලෙස රැඳවියන්ගේ සිරකුටි වෙත බෝනික්කන් ලබා දීම මගින් සිරගත ව සිටිනවිට ඔවුන්ට දැනෙන අසහනකාරී තත්ත්වයන් එම බෝනික්කන් යොදා ගනිමින් මැඩ පවත්වා ගැනීමට හැකි බව ඔහු පවසයි.
සිරගත ව සිටින රැඳවියන් විවිධ විෂමාචාර ක්‍රියාවන්ට පෙළඹීම ඇති අවස්ථා මෙම ක්‍රමය මගින් අවම කර ගත හැකිවනු ඇති බව ජැක් ස්වරේස් වැඩිදුරටත් පවසා තිබේ.
රූපවාහිනි නාළිකාවක විකාශය වූ කෘතීම ලිංගික සහකාරියන් සම්බන්ධ වාර්තාමය වැඩසටහනක් නැරඹීමෙන් පසු තමන්ට මෙම අදහස පහල වූ බව එම රැඳවියා පවසා ඇත.
කෙසේ වෙතත් බලධාරීන් විසින් මොහුගේ ඉල්ලීමට තවමත් පිළිතුරක් ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here